රෙඩි බූස්ට් මගින් රෑම් වැඩි කරගමු
Win මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණක වල external drive(flash drive/Memory card/others)භාවිතයෙන් රැම් මතකය වැඩි කිරීමට හැකිය.මෙම ක්‍රමය රෙඩිබූස්ට් ලෙස හඳුන්වනු ලබයි.
Flash drive එක සම්බන්ධ කිරීම.
මේ සදහා ඕනෑම ධාරිතාවක flash drive එකක් භාවිත කළ හැකිය.මෙහිදී flash drive එක තුල වෙනත් file තිබිම ප්‍රශ්නයක් නොවන නමුත් ප්‍රමාණවත් තරම හිස් ඉඩක් තිබිය යුතුය.
File explorer වින්ඩෝව (windows button + E) තුල ඇති flash drive එකෙහි properties මගින් ඉතිරිව ඇති හිස් ඉඩ ප්‍රමාණය පරික්ෂා කර බලන්න. රෙඩිබූස්ට් කිරීම සදහා ආවම වශයෙන් free space 3GB වත් තිබිය යුතුය.
රෙඩිබූස්ට් කිරීම.
මුලින්ම flash drive එක රෙඩිබූස්ට් කිරීමට සුදුසු ද නැද්ද යන්න සොයා බැලිය යුතුය. මේ සදහා මුලින්ම කළ යුතු වන්නේ properties වල රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කරන්න.මෙහිදී This Device cannot be used for ReadyBoost ලෙස පෙන්වන්නේ නම් flash drive එක format නොකර රෙඩිබූස්ට් කළ නොහැක.
Format කිරීමට පළමුව flash drive එක තුල වෙනත් අත්‍යවශ්‍ය file ඇත්නම් ආරක්ෂාකාරි ලෙස save කර තබා ගන්න.
ඉන්පසු flash drive එක මත right ක්ලික් කර format යන්න ලබා දී format removable disk යන බොක්ස් එකෙහි file system යන තැන NTFS යන්න තෝරා ලබා දෙන්න.ඉන්පසු start button එක ක්ලික් කරන්න.
Format වීම අවසන් වූ පසු properties තුළ ඇති රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කරන්න.එවිට Speed your system by the available space on this device ලෙස පෙන්වන්නේ නම් දැන් flash drive එක රෙඩිබූස්ට් කිරීම සදහා සුදුසු වේ.
රෙඩිබූස්ට් සදහා memory space තේරීම.
මෙහිදී flash drive එක තුල ඇති සම්පුර්ණ ඉඩ ප්‍රමාණයම ගන්නේ නම් රෙඩිබූස්ට් tab එක තුල ඇති dedicate this device to ReadyBoost යන ඔප්ෂන් එක තෝරා ලබා දෙන්න.
එසේ නොමැතිව flash drive එක තුල ඇති සම්පුර්ණ ඉඩ ප්‍රමාණයෙන් යම් ඉඩ ප්‍රමාණයක් පමණක් ලබා දෙන්නේ නම් use this device යන ඔප්ෂන් එක තෝරා ලබා දෙන්න.ඉන්පසු space to reserve for system speed ලෙස සටහන්ව ඇති ස්ථානයට පහලින් ඇති ස්ලයිඩර් එක මගින් රෙඩිබූස්ට් සදහා වෙන් කරන ඉඩ ප්‍රමාණය තෝරා ලබා දෙන්න.
මෙසේ තෝරා දීමෙන් අනතුරුව රෙඩිබූස්ට් tab එකෙහි පහළ ඇති ok button එක ක්ලික් කරන්න.
Flash drive එක රෙඩිබූස්ට් ලෙස සකස් වු පසු ReadyBoost.stcache ලෙස file එකක් නිර්මාණය වන අතර ඉන්පසු flash drive එකෙහි සම්පුර්ණ ඉඩ ප්‍රමාණයෙන් රෙඩිබූස්ට් සදහා වෙන් කළ ඉඩ ප්‍රමාණය අඩු කර ඉතිරි ඉඩ ප්‍රමාණය පමණක් පෙන්වයි.
ඉන්පසු flash drive එක තුල ඇති ඉඩ ප්‍රමාණයෙන් වෙනත් කටයුතු සදහා ප්‍රයෝජනයට ගත හැකි වන්නේ මෙම ඉතිරි ඉඩ ප්‍රමාණය පමනකි.
රෙඩිබූස්ට් settings ඉවත් කිරීම.
රෙඩිබූස්ට් settings ඉවත් කිරීම සදහා properties තුළ ඇති රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කර එහි ඇති Do not use this device යන ඔප්ෂන් එක තෝරා දෙන්න.දැන් නැවත Flash drive එක නැවත යථා තත්ත්වයට පත්වේ.
මෙහි වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න
Thank you!
Written by Techno 360° blog.
Like us on Facebook techno 360lk
-share it-