How to create a Password rest disk.(පාස්වර්ඩ් රිසෙට් ඩ්ස්ක් එකක් නිර්මාණය කරමු.)
වින්ඩෝස් වල යුසර් එකවුන්ට් එකක් සකසන විට ලබා දෙන පාස්වර්ඩ් එක අමතක වුවහොත් යුසර් එකවුන්ට් එකට පිවිසිමට නොහැකි වෙයි. මෙවැනි අවස්ථා වල ප්රයෝජනයට ගැනීම සදහා flash drive එකක් ඩිජිටල් යතුරක් සේ නිර්මාණය කර පාස්වර්ඩ් එක රිසෙට් කළ හැකිය.මෙසේ නිර්මාණය කර ගත් flash drive එකක් පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එකක් ලෙස හඳුන්වයි.
මේ සදහා මුලින්ම කළ යුතු වන්නේ තමාගේ user account එක මගින් පරිගණකයට පිවිසිමය.මිලගට flash drive එක පරිගණකයට සම්බන්ධ කර start » control panel එකට පිවිසෙන්න.කැටගරි විවු (category view) එක මගින් User Accounts and Family safety යන්න තෝරා ලබා දෙන්න.ඉන්පසු User account අයිකනය විවෘත කර ගැනිමෙන් ලැබෙන මාතෘකා අතරින් create a password reset disk යන්න තෝරා ලබා දෙන්න.
මෙය තෝරා දුන් විට Forgotten Password Wizard නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉන්පසු Next button එක ක්ලික් කළ විට Create a Password Reset Disk ලෙස පිටුවක් විවෘත වෙයි.මෙහිදී I want to create a password key desk in following drive යන්නට පහලින් ඇති ඩ්රෝප් ඩවුන් මෙනු එක ක්ලික් කර අදාළ flash drive එක තෝරා දෙන්න.නැවත Next button එක ක්ලික් කළ යුතුය.
එවිට current user account password ලෙස සදහන් වින්ඩෝව තුල දැන් විවෘත කර භාවිත කරන User account එකෙහි නම සදහන් කළ යුතුය.දැන් නැවත Next button එක ක්ලික් කළ විට Replace Previous Disk නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉදිරියට යාම සඳහා Yes button එක ක්ලික් කළ යුතුය.මෙවිට පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය විම ආරම්භ වේ.
පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය වී අවසන් වූ පසු progress:100% complete ලෙස දිස්වෙයි.ඉන්පසු Next button එක ක්ලික් කිරීමෙන් පසු විවෘත වන Complteing the forgotten password wizard නම් පිටුව මත ඇති Finish button එක ක්ලික් කර පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය අවසන් කළ යුතුය.
User account එක වෙත පිවිසෙන විට එහි පාස්වර්ඩ් එක අමතක වුයේ නම් කුමක් හෝ වචනයක් පාස්වර්ඩ් එක ලෙස ලබා දෙන්න.එවිට සුපුරුදු පරිදි පාස්වර්ඩ් බොක්ස් එකට පහලින් Rest password නම් link එක දැක ගැනීමට හැකිය.මෙවිට පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක ලෙස සකස් කල Flash drive එක පරිගණකයට සම්බන්ධ කළ විට Rest password නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉදිරි පියවර වෙත පිවිසිමට Next button එක ක්ලික් කළ යුතුය.මෙවිට විවෘත වන්නේ Insert the password Rest Disk ලෙස සදහන් පිටුවයි.මෙහි The password Key Disk is in the following drive යන්නට පහලින් ඇති Drop down menu එක තුළින් පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක ලෙස සකස් කළ flash drive එක තෝරා ලබා දිය යුතුය.ඉන්පසු Next button එක ක්ලික් කළ විට Rest the User Account Password නම් පිටුව තුළ අදාළ ස්ථානයන් වල අලුත් පාස්වර්ඩ් එකට අදාළ විස්තර සදහන් කර Next button එක ක්ලික් කළ යුතුය.මේ සියල්ල නිවැරදිව කළේ නම් completing the password rest wizard ලෙස සදහන් පිටුවක් විවෘත වෙයි.එහි ඇති Finish button එක ක්ලික් කළ විට නැවත Log on තිරය වෙත යොමු වෙයි.එහි අලුතින් සකස් කළ පාස්වර්ඩ් එක ලබා දුන් විට User account එක වෙත පිවිසිමට හැකි වේ.
Flash drive එකේ ඇති පාස්වර්ඩ් රිසෙට් හැකියාව ඉන් ඉවත් කිරීමට නම් කළ යුතු වන්නේ flash drive එක සමානයය ආකාරයට විවෘත කර එහි ඇති userkey.psw නම් psw file එක සමානයය ආකාරයට මකා දැමීම (Delete) කිරිමය.
Thank you!
Written by Techno 360° blog.
Like us on Facebook techno 360lk
-share it-
Like us on Facebook techno 360lk
-share it-
0 comments:
Post a Comment