How to type sinhala in pc easy and correctly (පහසුවෙන්ම හා නිවැරදිව පරගනකයේදී සිංහල ටයිප් කරන ආකාරය.)


පරිගණකය මගින් සිංහල භාෂාවෙන් ලිවීමේදී යම් යම් ගැටළු වලට මුහුණ දීමට ඔබට සිදු වී ඇති බව නිසැකය. සිංහල අකුරු සහිත යතුරුපුවරුවක් (key board) ,තවත් සිංහල ෆොන්ට් සහ ඒ හා සම්බන්දයෙන් විවිධ වැඩසටහන් සමගින් ඔබට ඔබගේ ලිවීමට අවශ්‍ය දේ ලිවීමට සීදුවේ මෙම ක්‍රමය ඉතා කරදර කාරී ක්‍රියාවකි. අප අද ඔබ හා ගෙනෙන මෘදුකාංගය තුලින් මේ කිසිවකන් තොර ඔබේ කටයුත්ත කර ගත හැකි වේ. මේ සදහා ඇති හොඳම විසදුම ලෙස  GOOGLE ආයතනය තුලින් ලබා දෙන ගූගල් ඉන්පුට් ටූල්ස් (google input tools ) යොදා ගත හැකි වේ.

මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලීවීම් කර ගත හැකිය.අප සාමාන්‍යයෙන් කෙටි පණිවිඩ යැවීමේදී ලියන ආකාරයට  (සිංglish ) ලිවීමෙන් ඉබේම සිංහලට හැරේ. තවද මෙම මෘදුකාංගය සිංහල භාශාව පමණක් නොව ලොව ඇති සියලුම භාෂාවන්ට මෙම මෘදුකාංගය වලංගු වේ.
පහත දී ඇති ලින්ක් එක මගින් ඔබට මෙම මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පුලුවන.

ඔබට වෙනත් භාෂා වකට මෙම මෘදුකාංගය අවශ්‍යනම් පහත ලින්ක් එක මගින් එම අවශ්‍ය මෘදුකාංගය ලබා 
ගත හැකි වේ.

Google Input Tools For Other Language

මෙය install කොට ක්‍රියා කරන ආකාරය දැනගැනීමට මෙතන ක්ලික් කරන්න 


                                Thank you!
                Written by Techno 360° blog.
                   Like us on Facebook techno 360lk
                                  -share it-

How to create a Password rest disk.(පාස්වර්ඩ් රිසෙට් ඩ්ස්ක් එකක් නිර්මාණය කරමු.)

                                                       

වින්ඩෝස් වල යුසර් එකවුන්ට් එකක් සකසන විට ලබා දෙන පාස්වර්ඩ් එක අමතක වුවහොත් යුසර් එකවුන්ට් එකට පිවිසිමට නොහැකි වෙයි. මෙවැනි අවස්ථා වල ප්‍රයෝජනයට ගැනීම සදහා flash drive  එකක් ඩිජිටල් යතුරක් සේ නිර්මාණය කර පාස්වර්ඩ් එක රිසෙට් කළ හැකිය.මෙසේ නිර්මාණය කර ගත් flash drive එකක් පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එකක් ලෙස හඳුන්වයි.

පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය කිරීම.


මේ සදහා මුලින්ම කළ යුතු වන්නේ තමාගේ user account එක මගින් පරිගණකයට පිවිසිමය.මිලගට flash drive එක පරිගණකයට සම්බන්ධ කර start » control panel එකට පිවිසෙන්න.කැටගරි විවු (category view) එක මගින් User Accounts and Family safety යන්න තෝරා ලබා දෙන්න.ඉන්පසු User account අයිකනය විවෘත කර ගැනිමෙන් ලැබෙන මාතෘකා අතරින් create a password reset disk යන්න තෝරා ලබා දෙන්න.

මෙය තෝරා දුන් විට Forgotten Password Wizard නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉන්පසු Next button එක ක්ලික් කළ විට Create a Password Reset Disk ලෙස පිටුවක් විවෘත වෙයි.මෙහිදී I want to create a password key desk in following drive යන්නට පහලින් ඇති ඩ්රෝප් ඩවුන් මෙනු එක ක්ලික් කර අදාළ flash drive එක තෝරා දෙන්න.නැවත Next button එක ක්ලික් කළ යුතුය.

එවිට current user account password ලෙස සදහන් වින්ඩෝව තුල දැන් විවෘත කර භාවිත කරන User account එකෙහි නම සදහන් කළ යුතුය.දැන් නැවත Next button එක ක්ලික් කළ විට Replace Previous Disk නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉදිරියට යාම සඳහා Yes button එක ක්ලික් කළ යුතුය.මෙවිට පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය විම ආරම්භ වේ.


පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය වී අවසන් වූ පසු progress:100% complete ලෙස දිස්වෙයි.ඉන්පසු Next button එක ක්ලික් කිරීමෙන් පසු විවෘත වන Complteing the forgotten password wizard නම් පිටුව මත ඇති Finish button එක ක්ලික් කර පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක නිර්මාණය අවසන් කළ යුතුය.

පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක භාවිත කිරීම.


User account එක වෙත පිවිසෙන විට එහි පාස්වර්ඩ් එක අමතක වුයේ නම් කුමක් හෝ වචනයක් පාස්වර්ඩ් එක ලෙස ලබා දෙන්න.එවිට සුපුරුදු පරිදි පාස්වර්ඩ් බොක්ස් එකට පහලින් Rest password නම් link එක දැක ගැනීමට හැකිය.මෙවිට පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක ලෙස සකස් කල Flash drive එක පරිගණකයට සම්බන්ධ කළ විට Rest password නම් බොක්ස් එකක් විවෘත වෙයි.ඉදිරි පියවර වෙත පිවිසිමට Next button එක ක්ලික් කළ යුතුය.මෙවිට විවෘත වන්නේ Insert the password Rest Disk ලෙස සදහන් පිටුවයි.මෙහි The password Key Disk is in the following drive යන්නට පහලින් ඇති Drop down menu එක තුළින් පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක ලෙස සකස් කළ flash drive එක තෝරා ලබා දිය යුතුය.ඉන්පසු Next button එක ක්ලික් කළ විට Rest the User Account Password නම් පිටුව තුළ අදාළ ස්ථානයන් වල අලුත් පාස්වර්ඩ් එකට අදාළ විස්තර සදහන් කර Next button එක ක්ලික් කළ යුතුය.මේ සියල්ල නිවැරදිව කළේ නම් completing the password rest wizard ලෙස සදහන් පිටුවක් විවෘත වෙයි.එහි ඇති Finish button එක ක්ලික් කළ විට නැවත  Log on තිරය වෙත යොමු වෙයි.එහි අලුතින් සකස් කළ පාස්වර්ඩ් එක ලබා දුන් විට User account එක වෙත පිවිසිමට හැකි වේ.

පාස්වර්ඩ් රිසෙට් ඩිස්ක් එක අක්‍රිය කිරීම.


Flash drive එකේ ඇති පාස්වර්ඩ් රිසෙට් හැකියාව ඉන් ඉවත් කිරීමට නම් කළ යුතු වන්නේ flash drive එක සමානයය ආකාරයට විවෘත කර එහි ඇති userkey.psw නම් psw file එක සමානයය ආකාරයට මකා දැමීම (Delete) කිරිමය.

                                Thank you!
              Written by Techno 360° blog.
               Like us on Facebook techno 360lk
                                  -share it-

රෙඩි බූස්ට් මගින් රෑම් වැඩි කරගමු



Win  මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණක වල external drive(flash drive/Memory card/others)භාවිතයෙන් රැම් මතකය වැඩි කිරීමට හැකිය.මෙම ක්‍රමය රෙඩිබූස්ට් ලෙස හඳුන්වනු ලබයි.

Flash drive එක සම්බන්ධ කිරීම.

මේ සදහා ඕනෑම ධාරිතාවක flash drive එකක් භාවිත කළ හැකිය.මෙහිදී flash drive එක තුල වෙනත් file තිබිම ප්‍රශ්නයක් නොවන නමුත් ප්‍රමාණවත් තරම හිස් ඉඩක් තිබිය යුතුය.

File explorer වින්ඩෝව (windows button + E) තුල ඇති flash drive එකෙහි properties මගින්  ඉතිරිව ඇති හිස් ඉඩ ප්‍රමාණය පරික්ෂා කර බලන්න. රෙඩිබූස්ට් කිරීම සදහා ආවම වශයෙන් free space 3GB වත් තිබිය  යුතුය.

රෙඩිබූස්ට් කිරීම.

මුලින්ම flash drive එක රෙඩිබූස්ට් කිරීමට සුදුසු ද නැද්ද යන්න සොයා බැලිය යුතුය. මේ සදහා මුලින්ම කළ යුතු වන්නේ properties වල රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කරන්න.මෙහිදී This Device cannot be used for ReadyBoost ලෙස පෙන්වන්නේ නම් flash drive එක format නොකර රෙඩිබූස්ට් කළ නොහැක.

Format කිරීමට පළමුව flash drive එක තුල වෙනත් අත්‍යවශ්‍ය file ඇත්නම් ආරක්ෂාකාරි ලෙස save කර තබා ගන්න.
ඉන්පසු flash drive එක මත right ක්ලික් කර format යන්න ලබා දී format removable disk යන බොක්ස් එකෙහි file system යන තැන NTFS යන්න තෝරා ලබා දෙන්න.ඉන්පසු start button එක ක්ලික් කරන්න.

Format වීම අවසන් වූ පසු properties තුළ ඇති රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කරන්න.එවිට Speed your system by the available space on this device ලෙස පෙන්වන්නේ නම් දැන් flash drive එක රෙඩිබූස්ට් කිරීම සදහා සුදුසු වේ.

රෙඩිබූස්ට් සදහා memory space තේරීම.

මෙහිදී  flash drive එක තුල ඇති සම්පුර්ණ ඉඩ ප්‍රමාණයම ගන්නේ නම් රෙඩිබූස්ට් tab එක තුල ඇති dedicate this device to ReadyBoost යන ඔප්ෂන් එක තෝරා ලබා දෙන්න.

එසේ නොමැතිව flash drive එක තුල  ඇති සම්පුර්ණ ඉඩ ප්‍රමාණයෙන් යම් ඉඩ ප්‍රමාණයක් පමණක් ලබා දෙන්නේ නම් use this device යන ඔප්ෂන් එක තෝරා ලබා දෙන්න.ඉන්පසු space to reserve for system speed ලෙස සටහන්ව ඇති ස්ථානයට පහලින් ඇති ස්ලයිඩර් එක මගින්  රෙඩිබූස්ට් සදහා වෙන් කරන ඉඩ ප්‍රමාණය තෝරා ලබා දෙන්න.

මෙසේ තෝරා දීමෙන් අනතුරුව රෙඩිබූස්ට් tab එකෙහි පහළ ඇති ok button එක ක්ලික් කරන්න.

Flash drive එක රෙඩිබූස්ට් ලෙස සකස් වු පසු ReadyBoost.stcache ලෙස file එකක් නිර්මාණය වන අතර ඉන්පසු flash drive එකෙහි සම්පුර්ණ ඉඩ ප්‍රමාණයෙන් රෙඩිබූස්ට් සදහා වෙන් කළ ඉඩ ප්‍රමාණය අඩු කර ඉතිරි ඉඩ ප්රමාණය පමණක් පෙන්වයි.

ඉන්පසු flash drive එක තුල ඇති ඉඩ ප්‍රමාණයෙන් වෙනත් කටයුතු සදහා ප්‍රයෝජනයට ගත හැකි වන්නේ මෙම ඉතිරි ඉඩ ප්‍රමාණය පමනකි.

රෙඩිබූස්ට් settings ඉවත් කිරීම.

රෙඩිබූස්ට් settings ඉවත් කිරීම සදහා properties තුළ ඇති රෙඩිබූස්ට් tab එක මත ක්ලික් කර එහි ඇති Do not use this device යන ඔප්ෂන් එක තෝරා දෙන්න.දැන් නැවත  Flash drive එක නැවත යථා තත්ත්වයට පත්වේ.

මෙහි වීඩියෝ එක බලන්න මෙතන ක්ලික්  කරන්න 

                         Thank you!
     
          Written by Techno 360° blog.
          Like us on Facebook techno 360lk
                          -share it-

Next PostNewer Posts Home